බප/මිනු/කුඩගම්මන මහා විද්‍යාලය

මිනුවන්ගොඩ

බප/මිනු/කුඩගම්මන මහා විද්‍යාලය

පාසල් ගොඩනැගිලි තීන්ත ආලේප කිරීම

442441594_10227688397772991_7444108531926352973_n.jpeg
448796593_10227843908860671_6128019728528765487_n.jpeg
439426764_10227593117231037_4064610537154799969_n.jpeg

 

  • පිිරිමිි දරුවන්  කොණ්ඩය   විධිමත්ව කොටට කපා,  මනාව පැත්තට හිිස පීිරා පැමිණිය  යුතු  අතර ගැහැණු දරුවන් කොණ්ඩය මැදින් බෙදා  පැත්තට පීරාගැට ගසා පැමිණිය යුතුය.
  • පාසල් ලාංඡනය ස්ථිරවම  තම නිල ඇදුමෙන් වම්  පස තිබිය යුුුතුය.
  • ගුරුභවතෙකුගේ විධිමත් අවසරයකින් තොරව පන්ති කාමරයෙන් පිිිටතට යාම නොකළ යුතු අතර පාසලින් පිටව යාමේදී විදුහල්පති කාර්‍යලයේ අවසරය ලබා ගත යුතුය.
  • පාසලට ප්‍රමාදයකින් තොරව පැමිණීම කළ යුතු අතර විද්‍යාලයේ විනය නීිති වලට ගරු කරමින් ගුරු භවතුන්ගේ අවවාදයනට අවනතව පාසල තුල හා ඉන්  පිටතදී පාසලේ ගෞරවයත්, ගුරු ගෞරරවයත්  ආරක්ෂා  කර  ගැනීමට වග බලා ගත යුතුය.
  • ඉගෙනිමේ කටයුතු නිිසි පරිිදි පවත්වාගෙන යාම හා නිවාස හා  ශිෂ්‍ය සංගම්  කටයුතු වලට සහභාගීත්වය හා සහයෝගය ලබා දීම තම අධ්‍යාපනයේ මූලිකම අරමුණ බව සිිහි තබාගත යුතුය.
  • පාසලේ දේපල ආරක්ෂා කිරීමට වගකීමෙන්  යුතුව බැදී සිටින අතර  තමන් හට නොමිලයේ ලැබෙන පොත් පිට කවර  දමා සුරක්ෂිතව භාවිතා  කිරීම කළ යුතුය.
  • පාසල තුලදීි තමන්ට ඇතිවන ගැටළු පන්ති භාර ගුරුභවතාගේ මාර්‍ගෙයන් පළමුව විසදා ගතයුතු අතර  දෙවනුව අංශභාර ගුරු භවතාගෙන් සහකාර විදුහල්පති මැදිහත්කරුවෙකු ලෙස ඇමතීමට ඔබට ඇතිි අයිිතිය පන්තිභාර ගුරු භවතාගේ දැනුුවත්වීමකිින් යුක්තව භුක්ති විදිය යුතුය.
  • පාසල තුළදී ඇති වන  කිසිදු ගැටළුවක්් සම්බන්ධයෙන් තම දෙමාපියන්  හෝ භාරකරු හුර පිටස්තර කිසිදු  පුද්ගලයෙකු සම්බන්ධ කර ගැනීම නොකළ යුතුය.
  • දිනපතා පාසල් පැමිණෙන විට මෙම වාර්තා පොත රැගෙන ඒ්ම අනිවාර්‍යය වන අතර  පාසල හැර යාමේ දී අදාළ සහතිික ලබා ගැනිමට මෙම වාර්තා පොත ඉදිරිපත් කළ යුතුය.
  • තමන්ගේ අධ්‍යාපන ක්‍රියාවලියට අදාළ තොරතුරු නිසි පරිදි මෙම පොතෙහි ඇතුළත් කර ගැනීමට පන්තිභාර ගුරුභවතා  වෙත සුදුසු කල ඉදිරිපත්  කළ යුතුය.
  • ජංගම දුරකථන හා අධ්‍යාපන කටයුතු වලට අදාල නොවන අනෙකුත් දේවල් පාසලට  රැගෙන ඒමෙන් වැලකී සිටිය යුතුය
  • පාසල් ආචාරධර්‍ම පද්ධතියටට සහ විනය මාලාවට  අනුකූලව කටයුතු කිරීම අනිවාර්‍ය වේ.