නමාමි විදුහල් මෑණි නමාමි
කුඩගම්මන මිණි පහන ඔබයි....//
නිරතුරු පෙන්වන දසුන සුබයි
ඒ සුබ දසුනින් විදු ආලෝකයෙ
මාවත හෙළි වෙනවා
සමගි වෙමු..... පෙල සැදෙමු.....
පෙරට යමු...... රට හදමු.....
යුක්තිය ශක්තිය කර ගත්තූ
අපි වෙමු විදු මෑණිගෙ පුත්තූ
ශිල්ප ඉගෙනගත් සිසු කැල යහතින්
විදු මව නමදිත්වා.....
දෝතින්... විදු මව නමදිත්වා
නමාමි විදුහල් මෑණි නමාමි
කුඩගම්මන මිණි පහන ඔබයි....//
නිරතුරු පෙන්වන දසුන සුබයි
කුඩගම්මන මිණි පහන ඔබයි







